සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ ඓතිහාසික අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල භූමි ප්‍රදේශයට ආසන්නව කොළඹ නුවර මහා මාර්ගයේ මෙඩේරිගම නම් ග්‍රාමයේ කෑ / මාව / මෙඩේරිගම මහා විද්‍යාලය පිහිටා ඇත . අද මෙම පාසල ඉතා ඉක්මනින් දියුණුවට පත් වූ , ප්‍රදේශය පුරා මහත් කීර්තියක් අත් කර ගත් පාසලක් බවට පත් වී ඇත . අතීතයේදී වෙනත් ස්ථානයක මිශ්‍ර සිංහල පාසලක් ලෙස ඉහළ හා පහළ බාලාංශ යනුවෙන් කොටස් දෙකකින් යුක්තව සිසුන් 18 දෙනෙකුගෙන් ආරම්භ වී ඇති අතර එම ස්ථානයේ ඉඩකඩ මදි වීම නිසා වර්තමාන ස්ථානයේ ස්ථාපිත කෙරිණි . මයුරපාද ජාතික පාසලට සමාන්තර මට්ටමින් පවත්වාගෙන යාමද අරමුණක් වී ඇත . එවක් පටන් සිටි විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ කැපවීම මත මෙම විද්‍යාලය පවත්වා ගෙන ආ අතර වර්තමාන විදුහල්පති තුමාගේ දැඩි කැප වීම හා උද්යෝගය මත අද වන විට ප්‍රදේශයේ දිදුලන පාසලක් බවට පත් වී ඇත .
ප්‍රාථමික අංශය පෞෂ්ඨ අංශය ඉහළ හා පහළ ප්‍රදේශ වල පිහිටා ඇති අතර ඒ සඳහා පහසුවෙන් ගමන් කිරීමට හැකි පහසුකම් ඇති මාර්ග පද්ධතියක් පාසල් අභ්‍යන්තරයේ ඉදි කොට ඇත . මෙම මාර්ගය 2005 නොවැම්බර් මාසයේ විවෘත කොට ඇති අතර එදින මුළු පාසලටම සතුටු දායක දිනයක් විය .
ප්‍රදේශයේ බොහෝ පාසල් තිබුණද මෙම පාසල වෙත පැමිණෙන ශිෂ්‍ය සංඛ්‍යාව වසරින් වසර ඉහළ යමින් පවතී . වර්තමානය වන විට කලා අංශයෙන් උසස් පෙළ ශ්‍රේණි ඇති අතර 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර ශ්‍රේණි දෙක බැගින් ඇත . වර්තමානය වන විට විද්‍යාලය තුළ රැස්වීම් ශාලාවක් සහිත තෙමහල් ගොඩනැගිල්ලක් එළිමහන් රංග ශාලාවක් ඇතුළු බොහෝ භෞතික සම්පත් ප්‍රමාණයක් ලබාගෙන ඇති නිසා විද්‍යාලයට ආකර්ශනීය බවක් ලැබී ඇත .
වර්තමානයේ විද්‍යාලය තුළ සිසුන් විෂය බාහිර විෂය සමගාමී කටයුතු වලින් විවිධ දක්ෂතා ලබා විද්‍යාලයට කීර්තියක් ලබා දී ඇත . එදා සිසුන් 18 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම පාසල අද වන විට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එන්නේ ද ඉක්මවා ගොස් ඇත . යහපත් පෞර්ෂෂයකින් හෙබි ගුණ නැති සපිරී අභිමානවත් නිර්මාණශීලී දරුවන් සමාජයට බිහි කිරීම අප විද්‍යාලයේ ඒකායන බලාපොරොත්තුවයි .

ආරම්භ කළ වර්ෂය |
1952 |
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
18 |
මුල් ගුරුතුමාගේ නම |
මෙඩේරිගම මහතා |
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
පාසලේ නම |
මෙඩේරිගම මහා විද්‍යාලය |
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
පාසල පැවැත්වූ ස්ථානය |
මාවනැල්ල,හිඟුල ප්‍රදේශයේ කුඩා ගොඩනැගිල්ලක. |